Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමල් රාජපක්ෂ සහ කොරෝනා එන්නත අතර ඇති සම්බන්ධය කුමක්ද? ක්‍රීඩා ඇමතිට සියළු දේ සෙල්ලමක් වෙලා

රට පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතක නාමල් රාජපක්ෂ මහතාට පමණක් සංචරණ සීමාවන් ඉවත් කළේ කෙසේද? ක්‍රීඩා අමාත්‍යවරයා සහ කොරෝනා මර්දන එන්නත අතර ඇති සම්බන්ධය කුමක්ද? යනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රශ්න කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක ඔහු මේ ආකාරයෙන් ප්‍රශ්න කළේය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ , රට පුරා කොරෝනා මර්දන එන්නත ලබා දීමේදී රජය ජනතාවට වෙනස්කම් කරන බවද එපමණක් නොව යාපනයට කොරෝනා මර්දන එන්නත දෙන බව ප්‍රකාශ කළ වහාම එන්නත් 50 000ක් ලබා දී ඇත අතර එය ක්‍රීඩා අමාත්‍යවරයා යාපනයට ගොස් නිරීක්ෂණය කරද ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා සහ කොරෝනා මර්දන එන්නත්කරණයට ඇති සම්බන්ධය කුමක් දැයි නොදනිමි යැයි එතුමා තවදුරටත් පැවසුවේය.

එපමණක් නොව රටේ සෑම පුද්ගලයෙකුටම වීදිවල ගමන් කිරීමට තහනම් කර ඇති අවස්ථාවකදී හා රට පුරා සංචරණ සීමා පනවා ඇති මොහොතක නාමල් රාජපක්ෂ මහතාට පමණක් කෙසේ සංචරණ සීමාවන් වලංගු නොවන්නේ දැයි ඔහු රජයෙන් ප්‍රශ්න කළේය.

එදිනෙදා රැකියාවල් කර ජීවත් වන සියලු දෙනාම නිවාසවලට සීමා කර ඇත. එසේ තිබියදී මොහු පමණක් සංචාරය කිරීම අනුමත කළ හැකිද? ක්‍රීඩා අමාත්‍යවරයා සියළු දේ සෙල්ලමක් ලෙස ගනන් ගෙන ඇත.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන බවට කිසිඳු දැනුම් දීමක් තමන්ට ලැබී නොමැති බවද තමන් මෙය දැනගත්තේ ප්‍රවෘත්තිවලින් බවද ප්‍රකාශ කළ ඔහු ඇත්ත වශයෙන් අද රටේ ඇති වී ඇති තත්ත්වය මත වාහන ලබා දීම අනවශ්‍ය කරුණක් බවද, මහජනතාවට අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නොහැකි තත්ත්වයක් මත වාහන ගෙන්වන්නේ කුමකට ද? සාමාන්‍ය තත්ත්වයක් මත මෙවැනි ක්‍රියාවක් කළේ නම් අපගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් මේ මොහොතේ එවැනි දෙයක් අවශ්‍ය නොවන බවටද එතුමා තවදුරටත් පැවසුවේය.

Exit mobile version