Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා මෘත දේහයකට රු. 7000ක අය කිරීමක්!

කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ වවුනියා මහ නගර සභාව හරහා ආදාහනය කිරීමේ දී , ඒ වෙනුවෙන් ඥාතීන්ගෙන් මුදල් අය කිරීමක් කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු , ජුනි 01වන දින අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියක, මේ පිළිබඳව සඳහන් කර ඇත. එම ලිපියේ මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවල කොරෝනා ආසාදනය වී මිය යන පුදගලයින්ගේ මෘත දේහ වවුනියා දිස්ත්‍රික්කයේ ආදාහනය කරන බව ද , එසේ ආදාහනය කිරීම සඳහා වවුනියා නගර සභාව මගින් මුදල් අය කරන බවද සඳහන් කර ඇත.

එනම්, මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා, රු. 7000ක මුදලක් අය කරන බව ප්‍රකාශ කළ ඔහු , අද පවතින දුෂ්කරතාවයන් ගැන සිතා, මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

Exit mobile version