Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඳලා කියන්නම්, කොරෝනා අළුත් ප්‍රභේද තියෙන රටවලින් සංචාරකයින් ගෙන්වන්න එපා – මහාචාර්ය අර්ජුන ද සිල්වා

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ ජුනි 01වන දින සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.

මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.

එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, වැඩසටහනකට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,

“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම්. ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

Exit mobile version