Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හැම තැනම, හැම කමිටුවකටම නාමල් රාජපක්ෂ – කාබනික පොහොර බලකායටත් නාමල් රාජපක්ෂ

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පසුගිය මැයි 10 වනදා ස්ථාපනය කරන ලද “දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතාව පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

සාමාජිකයින් 46 දෙනෙකුගෙන් සමන්විතව මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවූ මුල් අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාව මීට ඇතුළත් කර නොතිබුණු අතර පසුගිය මැයි 26 වනදා දිනැතිව නිකුත් කරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නාමල් රාජපක්ෂ මහතා ඇතුළුව තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු එහි සාමාජිකයින් ලෙස පත් කර ඇත.

කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිතා කරමින් පූර්ණ වශයෙන් රසායනික ගොවිතැනින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීම වේ.

මෙලෙස සෑම කමිටුවකටම නාමල් රාජපක්ෂ ඇතුලත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා කරමින් සිටී

Exit mobile version