Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ වර්තමාන කොරෝනා අර්බුදයෙන් ගැලවෙන්න ඇමරිකාවේ සෞඛ්‍ය විශේෂඥයකුගෙන් උපදෙසක්

ඉන්දියාවේ වර්තමාන කොරෝනා අර්බුදයෙන් ගැලවෙන හැටි ඇමරිකාවේ ඉහළම මහජන සෞඛ්‍ය විශේෂඥයකුගෙන් ඉන්දියාවට උපදෙසක්

ඉන්දියාවේ වර්තමාන කොරෝනා අර්බුදයෙන් ගැලවෙන හැටි ඇමරිකාවේ ඉහළම මහජන සෞඛ්‍ය විශේෂඥයකුගෙන් ඉන්දියාවට උපදෙසක්

ඉන්දියාවේ වර්තමාන කොරෝනා අර්බුදයට ඇති එකම දිගුකාලීන විසඳුම වන්නේ මිනිසුන්ට එන්නත් ලබා දීම බව ඇමරිකාවේ ඉහළම මහජන සෞඛ්‍ය විශේෂඥයකු වන වෛද්‍ය ඇන්තනි ෆවුසි මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා දේශීය හා ගෝලීය වශයෙන් කොරෝනා වයිරස් එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

“මේ සියල්ලේම අවසානය … මිනිසුන්ට එන්නත ලබා දීමයි … ලෝකයේ විශාලතම එන්නත නිපදවන රට ඉන්දියාවයි.’ යනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකයාද වන ෆවුසි මහතා ඒබීසී ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේ මීට වසරකට පෙර චීනය කළාක් මෙන් තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉන්දියාව විසින් වහාම ගොඩනගා ගත යුතු බවයි.

Exit mobile version