සංචරණ සීමා ලිහිල් කළ (මැයි 25ද) දිනයේ ජනතාව ක්‍රියා කළ ආකාරය පිළිබඳ කනගාටුව පළ කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘මව්බිම’ පුවත්පත සමඟ පවසා තිබෙනවා.
රජය ලබාදුන් උපදෙස් මායිම් නොකර ඇතැම් පිරිස් කටයුතු කළ බව 24 දින පෙනී ගිය බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.
වාහනවලින් ගමන් නොකරන ලෙස දැනුම් දුන්නද එවැනි තත්ත්වයක් නිරීක්ෂණය නොවූ බවත් ඇතැම් පිරිස් සාමාන්‍ය දිනයක් සේ 24 දිනය සලකමින් කටයුතු කිරීම ගැන කනගාටු වන බවත් ඉදිරියේදී සංචරණ සීමා ලිහිල් කිරීම ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.