Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවක මන්ත්‍රීවරුන්ට කොළඹ ගෙවල් සහ අලුත් වාහන නොමැතිව ගැටළු ගොඩයි ලූ – කතානායකට කියයි

තමන් මුහුණදෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් සිය නිවාස සහ ප්‍රවාහන ගැටලු වලට නිසි විසඳුම් ලබාදෙන ලෙස නවක මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි “හිරු” පුවත් වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කිරීමට ක්‍රියා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ජාවේදීද සංවාදයට ලක්ව තිබේ. මෙම නවක මන්ත්‍රීවරු පිරිස පක්ෂ විපක්ෂ යන දෙපාර්ශවයම නියෝජනය වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නැත.

කෙසේ වෙතත් නවක මන්ත්‍රීවරුන්ගේ භාවිතය සදහා ආනයනය කිරීමට නියමිතව තිබූ සුඛෝපභෝගී ජීප් රථ වහාම මෙරටට ගෙන්වීම නතර කිරීමට 24වන දින කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

නවක මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී ඇත්තේ කොළඹ නගරයෙන් නිල නිවාස සහ සුඛෝපභෝගී වාහන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කර තිබේ.

Exit mobile version