Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ වෙනුවට චීන භාෂා භාවිතා කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ සමරු ඵලකය ඉවත්කෙරේ

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් සකස් කර තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ ඊ – පුස්තකාලයේ සමරු ඵලකය ඉන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ඊ – පුස්තකාලයක් පසුගිය 19 වනදා නීතිපතිවරයා සහ චීන තානාපතිවරයා විසින් විවෘත කෙරිණි. මේ සඳහා විවෘත කළ සමරු ඵලකයේ සිංහල සහ සහ ඉංග්‍රීසි භාෂා දෙකට අමතරව භාවිතා කර තිබුණේ චීන මැන්ඩරින් භාෂාවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සිංහල සහ දෙමළ භාෂා දෙකම භාවිතා කළ යුතු වුවත් මෙම ඵලකයේ දෙමළ භාෂාව යොදා නැත. ඒ වෙනුවට චීන භාෂාව යොදා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ නිල භාෂාවන් අතර ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ. එසේම සිංහල සහ දෙමළ ජාතික භාෂාවේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ තවම චීන භාෂාව ජාතික භාෂාවක් ලෙස හෝ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන නැත. මේ අනුව සිදුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තුවට පවා මග පෙන්වීමට ඇති ආයතනය වන නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමකි.

සමාජ මාධ්‍ය තුළද ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වනු දක්නට ලැබිණි.

මේ අතර මෙම සමරු ඵලකය ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරන්නේ එම සමරුවේ දෙමළ භාෂාවෙන් අන්තර්ගතය සඳහන් නොවීම හේතුවෙන් එම තීරණය ගත් බවය.

Exit mobile version