Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) පොලිසිය නිලධාරීන් ඉස්සරහම පහර දීමක්: වැලිගම මරණයේ CCTV පොලිසිය හංගලා

(VIDEO)පොලිසිය සිටිද්දීම පහර දීමක්: වැලිගම මරණයේ පොලිසිය හැංගූ CCTV එළියට

(VIDEO)පොලිසිය සිටිද්දීම පහර දීමක්: වැලිගම මරණයේ පොලිසිය හැංගූ CCTV එළියට

වැලිගම ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරක් හේතුවෙන් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය මීට පෙර ඔහුගේ ඥාතීන්ට දැනුම් දී තිබුණද ඊට පෙර පහර දීමක් සිදුව ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ, ඊට අදාළ සීසීටීවී දර්ශන නිකුත් වීමත් සමගය.

පොලිසිය මීට පෙර එම පුද්ගලයාගේ ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණේ බස් රථයකට යට වීමෙන් එම අනතුර සිදුව ඇති බවකි. නමුත් නිකුත් වූ සීසීටීවී දර්ශනවලට අනුව එම පුද්ගලයාට යම් කිසිවකු පහර දෙන ආකාරයත්, ඒ අවස්ථාවේ ‌නිල ඇදුමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොලිස් යතුරු පැදියක නැගී එම ස්ථානයේ සිටින ආකාරයත් දැකගන්නට තිබේ.

ප්‍රහාරයෙන් පසු අදාළ පුද්ගලයා පමණක් නොව පොලිස් නිලධාරීන්ද එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් දැකගැනීමට පුළුවන.
කෙසේවෙතත් මෙම සිදුවීම අනාවරණය වීමත් සමග අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

Exit mobile version