Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇස්ට්‍රා සෙනෙකා එන්නත නොලැබුනහොත්, කොරෝනා දෙවැනි මාත්‍රාවට වෙන එන්නතක්

දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඒ වෙනුවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හෝ ස්පුට්නික් ලයිට් එන්නත ලබාදීමමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. දෙරණ රූපවාහිනියේ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා 16වන දින මේ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය මාස හයක් අටක් අතර කාලයක් පවතින බවයි. එම කාලයෙන් පසු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හෝ ස්පුට්නික් ලයිට් යන එන්නත ලබාදීමට කටයුතු කරන බවත් ඉන් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවයි.
කෙසේ වුවද මේ වන විටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගැනීම සම්බන්ධව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය වැනි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Exit mobile version