Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා මර්දනයට ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ලැබුණු රුපියල් කෝටි 900 කෝ ?

ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් පසුගිය වසරේ දී රුපියල් කෝටි 1,340ක විශාල ණය මුදලක් කොරෝනා මර්දනයට ලබා දී තිබුණ ද, ආණ්ඩුව ඒ වෙනුවෙන් වැය කර තිබෙන මුදල රුපියල් කෝටි 450ක් බව අනාවරණය වේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් ඩොලර් මිලියන 73ක ණය මුදලක් ලබා දී තිබේ. එම ණය මුදල ‘කොවිඞ්-19 හදිසි ප‍්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය’ යනුවෙන් අරමුණ ඉතා පැහැදිලිව සඳහන් කර මෙම ණය මුදල ලබා දී තිබේ. පසුගිය වසර අවසානයේ දී ඩොලර් 1ක් සඳහා රුපියල් 186.00ක විනිමය අනුපාතයක් නියම වී තිබී ඇත. මේ අනුව ණය මුදල රුපියල් මිලියන 13,400ක් හෙවත් රුපියල් කෝටි 1,340ක් වේ.

එසේ තිබිය දී, කොවිඩ් වෛරසය පැරැදවීම වෙනුවෙන් ම ආණ්ඩුව වැය කර තිබෙන මුළු මුදල රුපියල් කෝටි 450ක් වේ. මෙම කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2020 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වේ. කොරෝනා මර්දනයට මුදල් වැය කිරීම සම්බන්ධයෙන් එම වාර්තාවේ ”කොවිඞ්-19 වසංගතයේ පළමු රැල්ල සහ දෙවැනි රැල්ල කාලපරිච්ඡේදය තුළ එම වසංගතය මැඬලීම සඳහා වෛද්‍ය උපකරණ බෙදාහැරීම වෙනුවෙන් රජය විසින් දළ වශයෙන් රුපියල් මිලියන 4.5ක් වියදම් කරන ලදී. යනුවෙන් දක්වා තිබේ.

කොරෝනා මර්දනය සඳහා ම ආණ්ඩුව දරන ලද වියදම් සම්බන්ධයෙන් දැක්වෙන්නේ ඉහත දැක් වූ උපුටා ගැනීම පමණ ය. මේ අනුව මෙරටට ලැබුණු කොරෝනා මර්දන ණය මුදලෙන් රුපියල් කෝටි 900කට ආසන්න මුදලකට සිදු වූයේ කුමක් දැයි බලවත් සැකයක් මතු වී තිබේ.

-Lankatruth

Exit mobile version