Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Videos) ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍ර අතට – ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මහල් 13ක ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි

GAZA CITY - GAZA - MAY 11: A man holding his child runs away after Israeli warplanes launched airstrikes over Gaza Strip, in Gaza City, Gaza on May 11, 2021. ( Ali Jadallah - Anadolu Agency )

මුස්ලිම්වරුන්ගේ රාමසාන් මාසයේ විශේෂිත දිනයක් වූ ‘ලෙයිලතුල් කද්ර්‘ නම් දිනයේ දී, නැගෙනහිර ජෙරුසලමේ ශුද්ධ වු “අල් අක්සා” මුස්ලිම් දේවස්ථානයට දේවමෙහෙයට පැමිණි මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසකට පහර දී පළවා හැරීම සඳහා ඊශ්‍රායල පොලීසිය විසින් කරනු ලැබූ මේ ක්‍රියාව නිසා, පලස්තීනු වැසියන් විරෝධතාවක නිරතව සිටී.

මේ වන විට මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු සටන් ඇවිළීමේ සිදුවීමක් බවට පත්වී තිබේ.

ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ මහල් 13 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටී තිබන අතර, ඉන් සිදුවු හානි පිළිබඳ තවමත් වාර්තා ලැබි නොමැත.

https://cdnuploads.aa.com.tr/uploads/VideoGallery/2021/05/10/8f46896006461618b194ecfb671f3f91.mp4

Israeli forces storm Al-Aqsa Mosque amid dozens of injuries reported among worshipers

බැතිමතුන්ට පහර දීමට ප්‍රතිචාර දැක්වූ හමාස් හමුදාව විසින් ඊශ්‍රායලයට පෙරේදා රාත්‍රී රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කළ අතර, මේ ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වේ. පෙරේදා රාත්‍රියේ දිගින් දිගටම හමාස් හමුදාව රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායල හමුදාවත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් ගාසා තීරය එකම යුද පිටියක් බවට පත්ව තිබේ. මේ ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශ්වයේම පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූ අතර තවත් විශාල පිරිසක් මියගොස් තිබේ.

මෙම ගැටුම් උග්‍ර අතට පත් විමත් සමග පසුගිය දින දෙක තුල පමණක් කුඩා දරුවන් ඇතුළු පලස්තීනුවන් 32 දෙනෙකු සහ ඊශ්‍රායලයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

2014 ගාසා තීරයේ පැවති ගැටුම්වලින් පසු ඊශ්‍රායලය හා හමාස් හමුදාව අතර වඩාත්ම දරුණු ගැටුම් මේ වන විට හටගෙන තිබේ. වහා සන්සුන් වන්නැයි එක්සත් ජනපදය, යුරෝපා සංවිධානය ඇතුළු රටවල් රැසක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටි අතර මැදපෙරදිග පවතීන තත්වය මීට වඩා දරුණු වියහැකි අනතුරක් පවතීන නිසා එය වහා සමනය කිරිමට ජාත්‍යන්තර මැදිහත්වීමක් සදහා අවධානය යොමු විය යුතු බව දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර ඇත.

– GALLE TIMES ඇසුරෙන්

Exit mobile version