Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති මාධ්‍ය ඒකකයේ කතාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

චීනයේ සයිනොෆාම් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බවට වන ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

එනම් චීන රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු සිනෝෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිව නොතිබූ නිසා භාවිතයට ගත නොහැකිව තිබු අතර පසුගියදා ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ “Zoom තාක්ෂණය” ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵළයක් ලෙස එදිනම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ සිනෝෆාම් එන්නතට හදිසි භාවිතය සඳහා අවසර දුන් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලී රත්නායක ඊයේ දින සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් පුවතක් අද ඩේලි මිරර් පුවත්පත පළ කිරීමෙන් අනතුරුව ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊමේල් මගින් ඒ පිළිබද කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔවුන් සදහන් කර ඇත්තේ එන්නත් ලයිස්තුගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවයි.

සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සියලුම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල් වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version