Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් හේතුවක් කරගනිමින් නීතිවිරෝධි රඳවාගැනීම් හා අත්අඩංගුවට ගැනීම් වැඩිවෙලා

පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ දක්වා නීතිවිරෝධි රඳවාගැනීම් හා අත්අඩංගුවට ගැනීම්වලට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මෙලෙස අත්අඩංගුවේ පසුවන හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ අත්සනින් මෙම ලිපිය යොමු කර ඇත.

මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට වගබලාගන්නා ලෙසද, අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද එම කොමිසම පොලිස්පතිවරයාට දන්වා තියෙනවා.

කොරෝනා තත්ත්වය හමුවේ සංචරනය සීමා කිරීම තුළ දීර්ඝකාලීනව රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන්ට තම නීතීඥයින් මුණගැසීමටත්, ඥාතීන් මුණගැසීටමත් අවස්ථාව තාවකාලිකව ලබා නොදීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සුබසාධනය ගැටලුකාරී බවට විවිධ පාර්ශ්වයන් දන්වා ඇති බව ද කොමිසම සඳහන් කරනවා. රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන්ට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදව 2021.05.15 දිනට පෙර කොමිසම දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද එම කොමිසම පොලිස්පතිවරයවාට දැනුම් දී තියෙනවා.

Exit mobile version