Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදුල්ලේ PHI ලා වැඩවර්ජනයක

බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අද (10) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී.

දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්ධන කටයුතු සඳහා වන වැඩි පිළිවෙල නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් නොමැති නිසා එම තීරණය ගත් බව එම දිස්ත්‍රික්කයේ සභාපති රංජිත් දිසානායක මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

කොවිඩ් ආසාදිතයින් සොයා යෑමේදී සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කරනු ලබන කණ්ඩායමක් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන්නේ කිනම් රාජකාරි දැයි නිශ්චිතව පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වුවත් අද වන තුරුද ඒවා දැනුම් දී නොමැති තත්වයක් හමුවේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Exit mobile version