Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුර මෙරටට

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක් මෙරටට රැගෙන විත් තිබේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළට (මැයි 9) මෙම මෘත ශරීරය රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඇය 2019 වසරේ සිට ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී පසුගිය අප්‍රේල් මස 13 වන දා ඉතියෝපියානු ජාතික තවත් ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් (මැයි 10) දිනයේ සිදු කිරීමට නියමිතය.

Exit mobile version