ඉටුකම අරමුදලේ විශාල මුදලක් එක් වී තිබුණද මෙරට කොරෝනා පාලනයට අත්‍යාවශ්‍ය රසායනාගාරවල දැඩි හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.
කොරෝනාවට එරෙහි එන්නත ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ නැගෙනහිර පළාත වෙනුවෙන් ඇත්තේ එක් රසායනාගාරයක් පමණක් බවයි.
එහි දෛනික ධාරිතාව 500ක් පමණක් වන බැවින් මේ වන විට පරීක්ෂණ ප්‍රතිඵල 2200ක් පමණ නිකුත්වීම ප්‍රමාද වන බවත් ඒවා නිකුත් වීමට දින 5ක් පමණ ගතවන අතර ඉදිරියේදී එය දින 10කටත් වඩා ප්‍රමාද වනු ඇති ඇති බවත් හෙතෙම කීය.
මෙම ගැටළු විසඳීමට කොරෝනා අරමුදල භාවිතා කිරීමට හැකියාව තිබියදීත් එසේ නොකරන්නේ මන්ද යැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.