Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් කොරෝනා වෛරසය සියලු දෙනාට අනිවාර්යෙන්ම වැළඳෙයි

රටේ දැනට පවතින වාතාවරණය මත දිනකට 1800 පමණ කොරෝනා වැළඳුණු බවට වාර්තා වන අතර සමාජය තුළ මීටත් වඩා අධික ලෙස මෙම වෛරසය වැළඳුණු රෝගීන් දක්නට හැකි බවත්, ඒ සඳහා අවස්ථාවන් ඇති බවත් ශ්‍රිලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙසේ සඳහන් කළාය.

මෙම තත්ත්වය මත අත්‍යාවශ්‍ය සේවාවන් හැර අනෙකුත් සියලුම සේවා සඳහා සංචරණ සීමා අනිවාර්යෙන්ම ආණ්ඩුව විසින් පැන විය යුතු බවට තරයේ ප්‍රකාශ කර සිටියාය.

කොළඹ දී (4) වැනි දා මාධ්‍ය හමුවකට සහභාගි වූ එතුමිය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, දැනට පවතින තත්ත්වය මත දිනකට සාමාන්‍යයෙන් 1800 පමණ රෝගය වැළඳුණු අය දක්නට ලැබෙන අතර මෙම සංඛ්‍යාව සමාජ මට්ටමෙන් දෙගුණ තෙගුණ විය හැකි බවට ද ඈ සඳහන් කළාය.

“රෝහල්වල ඇඳන් පහසුකම් සීමිත තාවයක් තිබෙන අතර ඉතා ඉක්මනින් වැඩි වන රෝගී සංඛ්‍යාවහි වැඩි වීම හේතුවෙන් දැඩි සත්කාර අංශයේ ද රෝගීන්ගෙන් පිරී පවතී.”
“මෙතෙක් කරන ලද පර්යේෂණ වලට අනුව එක පවුලක එක්කෙනෙකුට මෙම අලුත් කොරෝනා වෛරසය වැළඳුණහොත් , අනිවාර්යෙන්ම එම පවුල් ඒකකය තුළ අන් අයටත් වැළඳීමේ අවස්ථාව ඇත.
” එම නිසා මෙමම ව්‍යසනයෙන් බේරාගැනීමට නම් නිසි පියවරක් ලෙස සංචරණ සීමා පැනවිය යුතු බවත් නැතිනම් අලුත් වෛරසය අනිවාර්යෙන්ම සියලු දෙනාට වැළඳෙන බවත් ,ආණ්ඩුව යුහුසුළු ව මෙම කටයුතු නිසි පිළිවෙළකට කරගෙන යා යුතු බවත් එතුමිය ප්‍රකාශ කර සිටියාය.”

Exit mobile version