Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයාගේ කොරෝනා බෙහෙතත් කූට ව්‍යාපාරයක් සහ වංචාවක්ලු

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දී ඇතැයි කියන කොරෝනා වෛරසය සදහා වන කරල සම්පුර්ණයෙන්ම බොරුවක් බව කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියනවා.

ඒ මහතා පවසන්නේ අදාළ වෛද්‍යවරයා විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගැනීම මේ වන විට මෙරට කූට ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්න බව පවසන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාකියන්නේ ඊට ඇතැම් මාධ්‍ය පවා සහාය දක්වමින් සිටීම කනගාටුදායක බවයි.
යම් ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරනපිළිගත් ක්‍රමයක් පවතින බව පවසන විජේවික්‍රම , ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් බව ද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් කරාපිටිය රෝහල් වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ කිසිඳු පිළිගත් සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.

Exit mobile version