Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල දේශපාලනඥයෙක් කොරෝනා දෙවන මාත්‍රාවත් හොර පාරෙන් විදගන

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් දැනුම්දීමක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් සහ පසුගිය කාලයේ ආන්දෝලනයකට තුඩුදුන් නගරාධිපතිවරයෙක් සිය පවුල්වල 20 දෙනෙකුට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇත.

ලංකාවට ලැබුණු කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 12.5ක මාත්‍රා දෙකක් ලබාදීම පිළිබඳ නොසලකා විදීම නිසා දැන් දෙවන මාත්‍රාව පිළිබඳ අර්බුදයකට රට මුහුණ දී ඇත. මෙම මාත්‍රා දෙක අතර පරතරය සති 12ක් ලෙස සඳහන් කළ ද දැන් එම සති 12ද ඉක්ම ගොස් ඇත. පළමු මාත්‍රාව විදීමෙන් පසු ඉතිරි කරගත් එන්නත් ලක්ෂ තුන කොවිඩ් වසංගතය සමඟ ඉදිරි පෙළේ කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට ලබා දීමට පවා ප්‍රමාණවත් නැත. එවන් තත්වයක් තිබියදී හොර පාරෙන් තම දේශපාලන බලය භාවිතා කර කුරුණෑගල රෝහලෙන් ලබාගත් එන්නත් ප්‍රමාණයක් සිය පවුල්වලට ලබාදීමට කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධානියා සහ නගරාධිපතිවරයා මෙසේ කටයුතු කර ඇත.

සිය ගෙදරටම එන්නත ගෙන්වා ගනිමින් කුරුණෑගල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලවා මෙම විසි දෙනා සඳහා එන්නත විදගෙන ඇත.
-Lankatruth

Exit mobile version