Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2020 උසස් පෙළ දක්ෂයෝ ටික මෙන්න – සිසුන් ලක්ෂ 2ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම්

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 04වන දින නිකුත් කෙරිණි.

2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 301,771 දෙනකුගෙන් 194,297 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවත්, එය 64.39%ක ප්‍රතිශතයක් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

එනම් නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි 15,960 දෙනෙක් මේ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ප්‍රතිඵල අනූව විශේෂ දක්ෂතා දැක්වීමට සමත්වී ඇත්තේ පිට පළාත්වල සිසු සිසුවියන් බව පෙනී යයි.

2020 අ.පො.ස. උසස් පෙළ දිවයිනේ ප්‍රථම ස්ථානයන්

* ගණිත විෂය ධාරාව – ධනරාජ් සුන්දර්බවන්
(චාවකච්චේරි හින්දු විද්‍යාලය – යාපනය)

* කලා විෂය ධාරාව – චමල්කා සෙව්මිණි
(ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය – දෙහිවල )

* වාණිජ විෂය ධාරාව – අමන්දි මදනායක
(සංඝමිත්තා බාලිකා විද්‍යාලය – ගාල්ල)

* ජෛව පද්ධති තාක්ෂණ – සුසිකා සඳසරා
(හොරණ තක්ෂිලා විද්‍යාලය)

* ඉංජිනේරු තාක්ෂණ – අවිෂ්ක චානුක
(හොරණ තක්ෂිලා විද්‍යාලය)

Exit mobile version