Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර තහනම සහ පාම්තෙල් තහනම ළිහිල් කිරීමට ආණ්ඩුවේ අවධානය

පොහොර තහනම සහ පාම්තෙල් තහනම ළිහිල් කිරීමට ආණ්ඩුවේ අවධානය

පොහොර තහනම සහ පාම්තෙල් තහනම ළිහිල් කිරීමට ආණ්ඩුවේ අවධානය

රසායනික පොහොර භාවිතය තහනම සදහා පැනවූ නීතිවලට සහ පාම් තෙල් ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනයට සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව දැනගන්නට ඇත.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව තීන්දු කිරීමෙන් පසු පාර්ශ්ව ගණනාවක්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරවීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ. විශේෂයෙන්ම තේ වතු හිමිකරුවන් එහිදී පෙන්වා දී ඇත්තේ අනෙකුත් ‌භෝගවලට මෙන් නොව තේ වගාව සදහා රසායනික පොහොර අත්‍යවශ්‍ය බවකි.

ඒ අනුව ‌තේ අපනයනය කරන සමාගම්වලට පමණක් මුල් අදියරේදී මෙම තහනම ඉවත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.

එසේම පාම් තෙල් ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදයනට යම් යම් සංශෝධන සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. මුල් අවස්ථාවේදී පාම් තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තින්දු කළද මේ වනවිට යම් යම් සමාගම් සදහා පමණක් පාම් තෙල් ආනයනය කිරීමට අවසර ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසේ.

එහෙත් එසේ පාම් තෙල් ආනයනය කළද විකිණීම සදහා වෙළෙදපොළට දැමීඹට අවසර නොදීමටද ආණ්ඩව තින්දු කර ඇති බව දැනගන්නට ඇත.

Exit mobile version