Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හරීන්ට එන්න කියල තියන්නේ පාස්කු ප‍්‍රහාර සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීමට ලූ – ඇමැති සරත් හෙළිකරයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේ පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීමට පමණක් බවත් ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් ඇමැති සරත් වීරසේර මහතා ප්‍රකාශ කොට ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ මහ මොළකාරයා තමන් දන්නා බවට හරින් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කළ වැදගත් හෙළිදරව්ව සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, විමර්ශනවලට ඉතාම වැදගත් නිසා මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව ද වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තොරතුරු දැන සිටීනම් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම ඉදිරි විමර්ශනවලට ඉතාම පහසුවක් බව ද ඇමැතිවරයා පවසයි

Exit mobile version