Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුස්ලිම්වරුන්ට එරෙහිව ආවේග ඇවිස්සීම සඳහා තමයි රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තේ – නලීන් බණ්ඩාර

රජයට එරෙහිව විරෝධතාවයන් වැඩි වෙමින් පවතින මොහොතක මුස්ලිම්වරුන්ට එරෙහිව ආවේගයන් ඇවිස්සීමට රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

රජය බලයට පැමිණීම සඳහා ඇතැම් ක්‍රියාවන් යොදා ගත් බව ප්‍රකාශ කළ ඔහු, මුස්ලිම්වරුන්ට විරුද්ධව සංවිධාන භාවිතා කළේ කුමක් සඳහාද යනුවෙන්ද ඔහු ප්‍රශ්න කළේය.

බලය ලබා ගැනීම සඳහා රිෂාඩ්ව භාවිතා කළ අතරම වෛද්‍ය ශාෆි කාන්තාවන් වද භාවයට පත් කළ බවටද පවසා එයද බලයට පැමිණීමට යොදා ගත් බව නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version