Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝහල් වල කිසිදු ඔක්සිජන් හිඟයක් නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් වාර්තා පළ කොට ඇති පුවත් අසත්‍ය බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

දැනට අප රට තුල මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සින් ලබාදීමේ කිසිදු අඩුවක් නොමැති බව ද දැනට සපයන ප්‍රමාණයට වඩා ඔක්සිජන් සැපයීමට ඔවුන් සතුව හැකියාව තිබෙනවා ද එතුමා ප්‍රකාශ කර ඇත

වැඩිපුර අපට අවශ්‍ය ඔක්සින් ලබාගනිමින් ජම්බෝ සිලින්ඩර් (විශාල සිලින්ඩර්) කොවිඩ් ප්‍රතිකාර සේවා සපයන රෝහල්වලට සහ ශික්ෂණ රෝහල්වලට ලබාදීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ප්‍රකාශ කලේය

දැනට කළුබෝවිල රෝහලේවත්, මුල්ලේරියාව රෝහලේවත් ඔක්සිජන් හිඟයක් නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

Exit mobile version