Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවශ්‍ය පමණ ඇඳන් ඇති බව අමාත්‍යවරයා පවසද්දී; ICU ඇඳක් නැතිව කොරෝනා රෝගියකු මරුට

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා, විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටු ද කොවිඩ් රෝගීන්ට

දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා, විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටු ද කොවිඩ් රෝගීන්ට

කොවිඩ් රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණවත් පරිදි තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, (අප්‍රේල් 27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ආරම්භයේදී ඇඳන් කිහිපයක් තිබූ බවත් මේ වන විට අවශ්‍ය පමණ ඇඳන් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද අමාත්‍යවරයා පැවසුවේ, ඇඳන් වැඩි කිරීමටත් සමහර ප්‍රදේශවල ඇඳන් හිඟයක් ඇති බැවින් එම අඩුපාඩුව සැපිරීමටත් මේ වන විට අවධානය යොමුව ඇති බවය.

මේ අතර මේ වනවිට තිබෙන ඇඳන් සංඛ්‍යාව පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා මෙසේ පිළිතුරු සැපයීය.

“නෑ දැන් එහෙම ගණන් වශයෙන් කියන්න බැහැ. කියන්න පුළුවන් එක ම දෙයයි, ඉතාමත් ම සුළු ප්‍රමාණයක් තිබුණේ. නමුත් ඒක දැන් වර්ධනයවෙලා තියනවා. දැනට පාලනය කරගන්න පුළුවන් මට්ටමට අවශ්‍ය ප්‍රමාණයට තිබෙනවා.”

ඇඳක් නොමැතිව මියයයි

කෙසේවෙතත් මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරකු කොවිඩ් ආසාදිතව සිටියදී දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මියයාමේ පුවතක් මාවනැල්ල මූලික රෝහලෙන් (26) වැනිදා අනාවරණය වෙයි.

මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයාගේ සොහොයුරාට (24)දා ඇති වුණ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව නිසා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල වෙත ගිය මොහොතේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි සැක කළ වෛද්‍යවරුන් ඔහුව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන්කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත.

(25) මෙම රෝගියාට ස්වසන අපහසුතා සමග තවත් සාංකූලතා ඇති වූ හෙයින් වහාම වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩල එක්ව කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කෙරෙන දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට උත්සාහ දැරූවත් එය අසාර්ථක වී ඇත.

රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පත් වී හෘදයාබාධ තත්ත්වයක් ඇතිව මියගොස් ඇත. පසුව කළ එක්ස්රේ පරීක්ෂණය මගින් ඔහුට නිව්මෝනියා තත්ත්වය ඇති වී තිබෙන බවට තහවුරු වී තිබේ.

Exit mobile version