Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන ආරක්‌ෂක ඇමැති දෙදින නිල සංචාරයකට හෙට ලංකාවට එයි

දෙදින නිල සංචාරයක් සඳහා චීන ආරක්‍ෂක ඇමැති වෙයිෆෙන්හේ මහතා හෙට (27) ලංකාවට පැමිණේ. මෙම සංචාරයේදී චීන ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රජයේ ඉහළ පෙළේ නායකයන් හමුවී සාකච්ඡුා පවත්වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡා අතර දැනට ශී‍්‍ර ලංකාව තුළ චීන ආධාර යටතේ ඉදිකිරීම් කටයුතු සිදුවෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධව ද අවධානය යොමුවන බව එම ආරංචි මාර්ග පැවසීය.

චීන ආරක්‍ෂක ඇමැතිවරයා මෙරට සංචාරයේ යෙදෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2020 ඔක්තෝබර් මාසයේදී චීන රජයේ ඉහළ පෙළේ නායකයන් සමග සංචාරයක නිරත විය.

Exit mobile version