Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් කොමිසම තවත් ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්ගේ නඩුවක් ඉල්ලා අස්කර ගනී! තාක්ෂණික දෝෂයක් ලූ !

විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා පත්‍රය නැවත නඩු පැවරීමට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බවට අල්ලස් කොමිසම විසින් දැනුම්දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු අල්ලස් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉල්ලා අස්කර ගන්නා බවත් විත්තිකරුවන්ට එරෙහිව කඩිනමින් නැවත නඩු පැවරීමට පියවර ගන්නා බවත් අධිකරණයට දැනුම්දුණි.

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ කලුගල් කැඩීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ හතක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ හයක් ලබාගත් බවට චෝදනා කරමින් මිලාන් ජයතිලක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබුණි.

Exit mobile version