Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණු තිබුණා; සත්‍යය හෙළි වන තුරු සටන දිගටම කරනවා – අඟරදගුරු

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණු තිබුණා; සත්‍යය හෙළි වන තුරු සටන දිගටම කරනවා – අඟරදගුරු

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණු තිබුණා; සත්‍යය හෙළි වන තුරු සටන දිගටම කරනවා – අඟරදගුරු

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරවු කර වින්දිතයන්ට සාධාරණය ඉටු කරන තෙක් මේ වන විට අරඹා ඇති විරෝධතා දිගටම පවත්වන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වීම හේතුවෙන් ප්‍රහාරයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීම සඳහා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති විශේෂ වැඩසටහනට (21) සහභාගි වෙමිනි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හා ආබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් ඉටු කිරීමට නම් ප්‍රහාරයේ පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය. එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍යය වළ දමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධ වීමට කතෝලික ප්‍රජාව කිසිසේත්ම සූදානම් නැතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පාස්කු ඉරිදා මිනිස් සංහාරය කරනු ලැබුවේ කවුරුන්ද? කුමන හේතුවක් සඳහාද? සහ කාගේ අවශ්‍යතාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම රජයේ අනෙකුත් ආයතන තවමත් අපොහොසත්ව සිටීම දැඩි ප්‍රශ්න සහගත බවද උන්වහන්සේ අවධාරණය කළහ.

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණු පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් ආණ්ඩුවත් පැවැති ආණ්ඩුවත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අඟරදගුරු තුමන්.

“මෙය අනුස්මරණ දිනයක් නෙමෙයි වේදනාත්මක දිනයක්. සත්‍ය යටදමා වරදකරුවන් නිවැරදි කිරීමේ ක්‍රියාවලියකට අප කිසිසේත්ම සහාය දෙන්නේ නැහැ. බරපතල අපරාධය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වුවත් මේ පිළිබඳව රටට හෙළිදරව් කිරීමට අපොහොසත්ව තිබෙනවා. මේ කුරිරු මිනී මරැම කෙරෙහි එදා සිටි රජයත් වත්මන් රජයත් අනුගමනය කරන උදාසීන, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගැනීමේ ලිස්සා යන සුළු ක්‍රියාපිළිවෙත පිළිබඳව අපට ඇතිවන්නේ බලවත් ශෝකයක් බව කියන්නට ඕනෑ.

මේ ප්‍රහාරය පිටුපස බොහෝවිට දේශපාලන අරමුණු තිබෙන බව අප කාටත් පැහැදිලි වෙමින් පවතිනවා. මේ කුමන්ත්‍රණය පිළිබඳව ඇත්ත දැනගත යුතුයි. මේ ක්‍රියාදාමය පසුපස සිටින්නේ කවුදැයි යන්න හොයා ගන්න බැරිව තිබෙනවා. මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කාටවත් හැකිවී නැහැ.

හේතුව දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පාර්ශ්වයයි. සත්‍ය යටපත් නොකර හෙළි දරව් කිරීම මනුෂ්‍යත්වයේ ගුණනයි.”

Exit mobile version