Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනවසරයෙන් ඇතුළු වූ, විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු චීන නැව හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැව හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැව හම්බන්තොට වරායෙන් ඉවතට යැවේ

හම්බන්තොට වරාය වෙත පැමිණිලි විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු නෞකාව වරායෙන් ඉවත් කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය දැනුම් දී තිබේ.

එම වරායට අනවසරයෙන් ඇතුළු වී තිබෙන චීන නෞකාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ අනුමැතියකින් තොරව පැමිණ තිබෙන අතර ඒ අනුව වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දුන් බව පරමාණුක බලශක්ති අධිකාරිය පවසයි.

(20) නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතර හම්බන්තොට වරායට පැමිණ ඇති මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණිම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ නෞකාව ලංකාවෙන් පිටත් කර හැරීමට පියවර ගෙන තිබිණ.

හම්බන්තොට වරායට ආසන්න ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී එම නැව යාන්ත්‍රික දෝෂයකට ලක් වී තිබිණි. අනතුරුව, එම නැවේ බලධාරීන් හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ඉල්ලා ඇත්තේ යාන්ත්‍රික දෝෂය යථා තත්ත්වයට පත් කර ගැනීමට බව වාර්තා වෙයි.

කෙසේ වුවද නැව ගැන පරීක්ෂා කළ විට එහි විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කර ඇති බව හඳුනා ගෙන ඇති අතර, එබැවින් නැව වරායෙන් ඉවතට ගෙන යන ලෙස දන්වා තිබේ.

සිය නෞකාවේ විකිරණ අඩංගු බහාලුම් ඇති බව සගවමින් හම්බන්තොටට චීන නෞකාවක් රැගෙන ඒමට කටයුතු කළ දේශීය ඒජන්ත සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරමාණුක බලශක්ති නියාමන සභාව තීන්දු කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ සමාගමට දැනුම් දෙමින් දැනටමත් ලිපි යොමු කර ඇති බවද පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

Exit mobile version