Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රට පුරා කොරෝනා කිට්(P.P. KIT) හිඟයක්, රෝගීන් ප්‍රතිකාර කටයුතු වලට බාධා

රට පුරා කොරෝනා කිට් හිඟයක්; සැපයීම්වලදී රජයට රුපියල් ලක්ෂ 530ක පාඩුවක්

රට පුරා කොරෝනා කිට් හිඟයක්; සැපයීම්වලදී රජයට රුපියල් ලක්ෂ 530ක පාඩුවක්

රට පුරා රෝහල්වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් (P.P. KIT) හිඟයක් ඇතිවී තිබීම හේ්තුවෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

වෛද්‍ය සැපයුම් ඒකකය විසින් අදාළ කොරෝනා ආරක්‍ෂිත නිල ඇඳුම් නිසි ලෙස සැපයීම් නොකිරීම මීට හේතුවී ඇති බව පැවසේ.

ඇතැම් රෝහල් වල මේ වන විට කිසිදු කොරෝනා ආරක්‍ෂිත ඇඳුමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇතත් වෛද්‍ය සැපයුම් අංශයේ අදාල අංශය භාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නැත.

මේ අතර අදාළ කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සැපයීම්වලදී ඉදිරිපත්වූ මිල ගණන් වලදී අධික මිලට එම ඇඳුම් කට්ටල මිලදී ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කර ගෙන යයි.

අදාළ මිලදී ගැනීමෙන් ශ්‍රීලංකා රජයට රුපියල් ලක්ෂ 530 ක පාඩුවක් සිදුව ඇති බව කියති.

Exit mobile version