Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩග්ලස් දේවානන්දා උතුරේ ධීවරයන් ඉන්දියාවට යට කරයි – නීති විරෝධී ඉන්දියානු ධීවරයන් හුරතල් කරයි

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් - ධීවර අමාත්‍ය

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මසුන් මැරීම අත්හිටුවීමට අඛණ්ඩ මෙහෙයුම් - ධීවර අමාත්‍ය

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ නීති විරෝධීව කටයුතු කරන ඉන්දියානු ධීවරයන්ට දඩුවම් නොකිරීමේ ස්ථාවරයක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සිටින බව වාර්තා වේ. මෙසේ නීතිවිරෝධීව මසුන් මරණ ඉන්දීය ධීවරයන්ට ඒ සඳහා බලපත්‍ර ලබා දිය යුතු යැයි ඔහු මීට කලින් යෝජනා කළේය.

පසුගියදා පැවති රූපවාහිනී සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළේ උතුරේ ජනතාව ඉන්දියාව කෙරෙහි කෘතඥ විය යුතු බවයි. තිස් අවුරුදු යුද සමයේ දී දස දහස් ගණන් උතුරේ ජනතාවට ආරක්ෂාව පතා සිය භූමියට පැමිණීමට තමිල්නාඩු ආණ්ඩුව ඉඩ ලබාදුන් බවත් ඒ බව උතුරේ ජනතාව මතක තබා ගත යුතු බවත් ධීවර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. එම ශ්‍රී ලාංකික ජනතාව සහෝදර සහෝදරියන් මෙන් තමිල්නාඩු රජය විසින් බලාගත් බවද ඔහු අවධාරණය කර සිටී.

13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉන්දීය රජය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බවද ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා සඳහන් කරයි.

Exit mobile version