Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලාංකික කතුන් 41 දෙනෙක් මාස 18ක් චෝදනාවක් නොමැතිවම සෞදි රැඳවුම් කඳවුරුවල – ක්ෂමා සංවිධානය

ලාංකික කතුන් 41 මාස 18ක් සෞදි රැඳවුම් කඳවුරුවල; ඉක්මනින් මෙරටට

ලාංකික කතුන් 41 මාස 18ක් සෞදි රැඳවුම් කඳවුරුවල; ඉක්මනින් මෙරටට

ශ්‍රී ලාංකික කාන්තාවන් 41 දෙනෙකු පමණ දීරඝ කාලයක් තිස්සේ සවුදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව අන්තර්ජාතික ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

මාස 18ක පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රියාදි හි රැඳවුම් කඳවුරක තබාගෙන සිටන බවත් ඉන් වැඩි දෙනා ගෘහ සේවිකාවන් බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංවාධානය පවසයි.

අදාල කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා ගැනීමේ හේතුව පිළිබඳවද නිත්‍යානුකූල දැනුම් දීමක් කර නොමැති බවද එම නිවේදනයේ දක්වා ඇත.

එම කාන්තාවන්ගෙන් තිදෙනෙකුට කුඩා දරුවන්ද සිටන අතර ඔවුන් සියලු දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බවද එම සංවාධානය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.

සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි රැදවුම් කදවුරක රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය

ඒ අනුව එම ගෘහසේවිකාවන් 41 දෙනා ගෙන් කිහිපදෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් ටිකට් පත් වෙන් කරවා එරටින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්,විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු ඉකුත් 14 වැනිදා එම රැදවුම් කදවුරේ ප්‍රධාන නිලධාරියා හමුවී සාකච්ඡා කළ අතර, ඊට සෞදි බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයිද එම තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගුවන් සේවාවන් හි මෙහෙයුම් කටයුතු සිදු නොවුන හෙයින්, එම ලාංකිකයින් පිටුවහල් කර ගුවනින් ලංකාවට යැවීමට සෞදි බලධාරීන් ප්‍රමාද වීමෙන් මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකි වී ඇතැයිද සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ වාර්තාවෙන් එරට ක්‍රියාත්මක වන කෆලා හෙවත් ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව පෙන්වා දුන්ද, මේ වන විට සෞදි අරාබි රජය විසින් මෙම කෆාලා ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටින බවද එම තානාපති නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

රියාද් හී සෞදි රැදවුම් කදවුරක රඳවා තබාගෙන සිටින ගෘහ සේවිකාවන් 41 දෙනා ගෙන් 20 ක් සිය සේවා ස්ථාන වලින් පළා ගිය අය වන අතර, තවත් 3 දෙනෙකු සිගමන් යැදීම නිසා ද අත්අඩංගුවට පත් සිටින්නන් බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Exit mobile version