Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය ලංකාවේ පොලිසියටත් අත තියයි – ‘ටෙට්‍රා’ ලබා දීමට නියමිතයි

චීනය ලංකාවේ පොලිසියටත් අත තියයි - ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක්

චීනය ලංකාවේ පොලිසියටත් අත තියයි - ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක්

ශ්‍රී ලංකා පොලිසියේ සන්නිවේදන කටයුතු විධිමත් කිරීම අරමුණු කරගෙන චීන රජය විසින් ලංකාවට ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක් ලබා දීමට නියමිතය. ‘ටෙට්‍රා’ යනුවෙන් හදුන්වන මෙම පහසුකම චීනයේ පොලිසිය විසින්ද භාවිත කරනු ලබන බව පැවසේ.

මේ හරහා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පොලිස් ස්ථාන අතර සන්නිවේදන කටයුතු විධිමත් අයුරින් කළ හැකි බව වාර්තා වේ.

පළමු අදියරේදී බස්නාහිර පළාතේ පමණක් මෙම ක්‍රමය අත්හදා බැලීමට නියමිතය.

ඉදිරි දින කිහිපය ඇතුළත සිදුකිරීමට නියමිත චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙම ප්‍රදානය ලබා දීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් ආරක්ෂක විශේෂඥයන් අනතුරු අගවා ඇත්තේ මේ හරහා අභ්‍යන්තර තොරතුරු වෙනත් පාර්ශ්වයන්ට ගලා යාමේ හැකියාවක් ඇති බවත්, රහසිගගත භාවය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගිය හැකි බවත්ය.

-mawrata

Exit mobile version