Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ආණ්ඩුව හොර රහසේම සම්මත කරගන්න හදලා

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

"ඒ ඔක්කොම ගැන CID එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා" - විජේදාස ගැන CID රහස් ලිපිගොනුවක් ජනාධිපති ළඟ

කොළඹ වරාය නගරය වෙනත් රටක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කරුණු හතරම එම පනත් කෙටුම්පතෙහි අඩංගු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම පනත අනුව නිශ්චිත ජනතාවක්,නිශ්චිත භූමියක්,පාලන තන්ත්‍රයක් සහ විදෙස් රටවල් සමඟ ගිවිසුම් ගත වීමේ බලය යන වෙනම රටක් ලෙසව පිළිගැනීමට අවශ්‍ය කරුණු සියල්ල පනත හරහා ඉදිරිපත් කර තිබෙන බව රාජපක්ෂ මහතා කියා සිටින ලදී.

”මේ පනතේ සම්පූර්ණ වපසරිය අරගෙන විග්‍රහ කරලා බැලුවොත් එහෙම 1933 සම්මත කරපු මොන්ටිවීඩියෝ සම්මුතිය තියෙනවනේ වෙනම රටක් විදිහට පිළිගන්න අවශ්‍යතා හතරම මෙතන තියෙනවා. පළමු එක තමයි නිශ්චිත ජනතාවක් ඉන්න ඕනේ. එතකොට ඒ කොටසේ ජනතාවක් ඉන්නවා. වැටුප් ගෙවනවා යුවාන් වලින්. අපි ඒ කොටසට ගිහින් බඩු අරගෙන එනවා නම් එනකොට අර මුරපොලේදී අපි ඒකට බදුත් ගෙවන්න ඕනේ. මොකද වෙනම රටකට ගිහින් බඩු ගේනවා වගේ. අනෙක තමයි නිශ්චිත භූමි ප්‍රදේශයක්. භුමි ප්‍රදේශයත් නිශ්චිතයි. හෙක්ටයාර 44යි. අනික ආණ්ඩුවක් හෙවත් පාලන තන්ත්‍රයක් තියෙන්න ඕනේ. එතන ජනතාව පත්කරන ආණ්ඩුවක් නැහැ. නමුත් පාලන තන්ත්‍රයක් තියෙනවා. මොකද ජනතාව පත්කරන ආණ්ඩුවක් චීනයේත් නැහැනේ. හොංකොං දේශයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් දාලා පාලනය කරනවා වගේ එතන වෙනම පාලනයක් තියෙනවා. වෙනත් රජයක් සමඟ ගිවිසුම් ගතවීමේ බලය තිබෙනවා. ඒකටත් ඒ පනතෙන් බලය දීල තියෙනවා. වරාය නගරය කියන්නේ වෙමන රටක්. චීනයේ කොළනියක් කරන්න තමයි මේ පනත සම්මත කරන්න හොර රහසේ හදලා හංගගෙන ඉඳලා 12 වැනිදා එළියට දැම්මා. මොකද නිවාඩු දවස් පහ පහුවුණාම නඩු පැවරුවේ නැත්නම් නැවත නඩු පවරන්න බැහැ. මොකද ඊට පස්සේ පාර්ලිමේන්තුවේ රහසිගතව සම්මත කරගන්න පුළුවන්. ” යනුවෙන් තවදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version