Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගේ පාම්තෙල් තහනමට උඩින් අගමැතිගෙන් අලුත් ගැසට් එකක්

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න නිර්දේශ

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න නිර්දේශ

පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාන්ඩ දෙකක් යටතේ ආනයනයට ඉඩ ලබාදෙමින් මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් 06 දිනයෙන් යුතුව නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇත.

අගමැතිවරයා එවැනි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, පාම්තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සියල්ල තහනම් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් අප්‍රේල් 5 දා නිවේදනය කර තිබියදීය.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයට අනුව අපනයන ආනයනය පාලකතුමියද සියලුම පාම් තෙල් ආනයනයන් තාවකාලිකව තහනම් කළ බව අප්‍රේල් 5 දාම නිවේදනය කර තිබිණ.

කෙසේවුවද, නැවතත් අප්‍රේල් 10 දා ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිවේදනය කර සිටියේ, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය ස්ටියරිං ආනයනය තහනම් නොකළ බවයි.

පාම්තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරණ පණතට ආදේශ කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ පණත්වලට අදාළව 2021 – අප්‍රේල් 06 දින පාම්තෙල් ආනයනය සම්බන්ධව නව රෙගුලාසි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර ඇත.

කිසියම් අර්බුදකාරී සහ අවිධිමත් ආකාරයට ජනාධිපති මාධ්‍යය අංශය සහ ආනයන සහ අපනයන පාලකවරිය විසින් නිකුත් කරන ලද රෙගුලාසි සියල්ල මෙම ගැසට් නිවේදනය මඟින් පැහැදිළි කර තිබේ.

ඒ අනුව පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාණ්ඩ අංක 2 ක් යටතේ ආනයනය කිරීමට හැකිවන ආකාරයට ලිහිල් කර ඇත.

Exit mobile version