Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“වරාය නගරය මුදල් විසුද්ධිකරණයට තෝතැන්නක්!” – ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණය කරන්නන්ට ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කළ හැකි බවට මෙරට ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අනතුරු අඟවයි.

සති අන්තයේ විදෙස් මාධ්‍ය සමඟ අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ බදුලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ චීනයේ සහාය ලබන වරාය නගරය මුදල් විසුද්ධිකරණයට තෝතැන්නක් කර ගැනීමට දුෂ්ට පුද්ගලයින් යොමුවීමේ අවදානමක් ඇති බවයි.

වරාය නගරය සම්බන්ධයෙන් නීති සැලකිල්ලට ගැනීමේ දී එහි ආර්ථික බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඇය සඳහන් කර තිබේ. තානාපතිනිය වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලැබිය යුතු වුවත් එමගින් රටට එල්ල විය හැකි බලපෑම සහ අසමතුලිත තරගකාරීත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

Exit mobile version