Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රීලනිපය පොහොට්ටුවට පළමු ප්‍රහාරය දෙයි: පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

ශ්‍රීලනිපය පොහොට්ටුවට පළමු ප්‍රහාරය දෙයි: පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

ශ්‍රීලනිපය පොහොට්ටුවට පළමු ප්‍රහාරය දෙයි: පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

පඬුවස්නුවර සමූපාකාර ජන්දයෙන් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත් කොට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්වී ඇත. ඒ අනුව පැවැති ජන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද 58කුත්, පොහොට්ටුවට ජන්ද 36කුත් හිමිව තිබේ.

මීට පෙර පැවැති සමූපාකාර මැතිවරණවලදී දිගින් දිගටම ජයග්‍රහණය කරනු ලැබූවේ පොහොට්ටුවටය.

කෙසේවෙතත් මෙවර ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සටනට පිවිසෙමින් වෙනම ජන්දයට කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබිණ.

පඬුවස්නුවර යනු ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන ආසනයය.

Exit mobile version