Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාර චෝදනාට මෛත්‍රිගේ දේපොළ රාජසන්තක වෙයිද?

ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරවා නම් ඉතා හොඳයි - මෛත්‍රිපාල සිරිසේන

ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරවා නම් ඉතා හොඳයි - මෛත්‍රිපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාගේ තරාතිරම නොබලා දඩුවම් කොට ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති සරත් වීරසේකර පවසයි.

පාස්කු කොමිෂන් වාර්තාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ පිලිතුරු කතාව කරමින් වැඩිදුරටත් අදහස් පල කල ඇමතිවරයා එලෙස දේපොළ රාජසන්තක කර උපයාගන්නා මුදලින් පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමට සලකා බලන බවද පවසයි.
පාස්කු ප්‍රහාරය වලක්වානොගැනීමේ වගකිවයුත්තන් සහ මහමොළකරුවන් සොයාගැනීම සඳහා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

තවද, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් එය වහාම ළඟම ඇති පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත දන්වා සිටින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අංශ කිහිපයක් ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ කරන බවත් මේ පරීක්ෂණවලට අමතරව ජනතාව දන්නා තොරතුරු ඇත්නම් එය පරීක්ෂණවලට වැදගත් වන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ්‍රාමික රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Exit mobile version