Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්තු මාසයේ අච්චු ගැසූ කෝටි 4000ක මුදල කොහෙද? සජිත් රජයෙන් ප්‍රශ්න නගයි…

මෙම වසරේ මාර්තු මාසයේ පමණක් රු. කෝටි 4000ක මුදලක් රජය විසින් අච්චු ගසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු තවදුරටත් මෙසේ කියා සිටියේ,

පසුගිය පාලන සමයේ ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලක වටිනාකමේ සුළු පසු බැස්මක් ඇති වූ අවස්ථාවේ, ‘ අප වෙත පාලනය දෙන්න, ශ්‍රී ලංකා කාසියේ වටිනාකම වැඩි කර පෙන්නන්නම් ‘ යැයි වත්මන් පාලනයෙහි සිටින ඇතැම් අය එදා අභියෝග කළහ.

නමුත්, ඔවුන්ගේ පාලනයේ ඩොලරයට සාපේක්ෂව රුපියලක වටිනාකම දිනෙන් දින කිසිඳු දිනක නොමැති ලෙසකට පසු බැසෙමින් පවතී.

මෙය ඔවුන්ගේ දක්ෂතාවය ද? නැතහොත්, පරාජයද? යැයි අප ප්‍රශ්න නැගීමට කැමැත්තෙමු.

මෙලෙස මාර්තු මාසයේ අච්චු ගැසූ රු. කෝටි 4000ක මුදලට කුමක් සිදුවීද? සාමාන්‍ය ජනතාව පීඩාවලට මුහුණ දී ඇති අවස්ථාවක, මෙම මුදල තබා ගෙන පාලනයේ සිටින අය සුඛෝපභෝගී ලෙස සිටින ලෙසද ඔහු තවදුරටත් පැවසුවේය.

Exit mobile version