Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි” – අමාත්‍ය සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරයට වසර 6ක් සම්පූර්ණවීම වෙනුවෙන් මුස්ලිම් සංවිධාන නිකුත්කළ ඒකාබද්ධ ප්‍රකාශය

පාස්කු ප්‍රහාරයට වසර 6ක් සම්පූර්ණවීම වෙනුවෙන් මුස්ලිම් සංවිධාන නිකුත්කළ ඒකාබද්ධ ප්‍රකාශය

නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය, ව්‍රශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පෙරේදා (06) පැවසීය.

2016 වසරේදී බිහි වන සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අන්තවාදයට ඇදදමමින් ඔවුන්ගේ මනස මරාගෙන මැරෙන පුද්ගලයකු දක්වා ගෙනඒම සිදු කර ඇත්තේ නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන සැකකරුවන් දෙදෙනා බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව ද ඇමැතිවරයා අවධාරණය ක‍ෙළ්ය.

කොළඹ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය. මෙම සැකකරුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබෙනවා. නවුෆර් මව්ලවි නමැත්තා 2014 වසරේදී අයි.එස්. ත්‍රස්තවාදී මත ප්‍රචාරය කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. මේ සම්බන්ධව දැනටමත් පුද්ගලයන් 32කට නඩු පවරා තිබෙනවා. මීට අමතරව පුද්ගලයන් 211ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 75 දෙනකු රැඳවුම් නියෝග මත රඳවා තිබෙනවා.

Exit mobile version