Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීනියි පොල්තෙලුයි අතරේ ජනාධිපති ගෙනාපු “ආගමික අසංගතතාවය වැලැක්වීමේ රෙගුලාසි”

සීනියි පොල්තෙලුයි අතරේ ජනාධිපති ගෙනාපු "ආගමික අසංගතතාවය වැලැක්වීමේ රෙගුලාසි"

සීනියි පොල්තෙලුයි අතරේ ජනාධිපති ගෙනාපු "ආගමික අසංගතතාවය වැලැක්වීමේ රෙගුලාසි"

විපක්සෙ කට්ටියයි, මීඩියා නඩයයි සීනියි පොල්තෙලුයි අල්ලං නටන අතරේ ජනාධිපති ඇගට පතට නොදැනෙන්ඩ මේ මාර්තු 12 ගැසට්ටුවක් ගහනවා.

ආගමික අසංගතතාවය වැලැක්වීමේ රෙගුලාසි කියලා තමයි කැප්ෂන් එකේ අයිසිං පාර දාලා තියෙන්නේ.
හැබැයි මේකෙං බැස්ටිය දෙන්ඩ යන්නෙ කාටද කියන එක හිතා ගන්ඩ පුලුවන්නේ..මොකද මිනිස්සුන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් සුරකින්නට ගෙනාව අයි.සී.සී.පී යත් පාචිච්චි කලේ කාට විරුද්ධවද කියන එක අපි නොදන්නවායෑ..

මේකේ ආතල්ම සීන් එක තමා මේ යටතේ කෙනෙක්ව අත් අඩංගුවට ගත්තට පස්සේ නඩු පැවරීමකින් තොරව ඔහුව අවුරුද්දක කාලයකට බන්ධනාගාර ගත කරලා පුනරුත්තාපනය කරන්ඩ නීතිපතිට බලතල පවරලා තිබීම සහ අවුරුද්දක කාලය ඇතුලේ හරියට පුනරුත්ථාපනය වෙලා නැහැයි කියලා බන්ධනාගාර කොමසාරිස් තීරනය කලොත් , තවත් අවුරුද්දක කාලයකට පුනරුත්ථාපනය කරන්ඩ නීතිපතිවරයාට බලය ලබා දීම.
මෙච්චර දවස් කෙනෙක්ව රිමාන්ඩ් කිරීම හරි බන්ධනාගාර ගත කිරීම හරි පුනරුත්ථාපනය කිරීම හරි කලේ අධිකරන නියෝග හරහනේ..මොකද අධිකරන නියෝගයක් ත මිසක කෙනෙක්ගේ නිදහස තාවකාලිකව හරි සීමා කරන්ඩ කාටවත් බලයක් නෑ කියලා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවනේ..

මේ ගැසට්ටුවෙං ඒක නීතිපතිටයි බන්ධනාගාර කොමසාරිස්ටයි පටවලා..එයාලා දෙන්නත් නඩු කාරයෝ කරලා..
අනෙක සාමාන්‍යෙයන් මත්ද්‍රව්‍ය වගේ වැරදිවලට අහුවෙන අය පවා පුනරුත්ථාපනය කරන්නේ ඒ අයගේ කැමැත්තත් විමසලා බලලනේ. මේකෙදී ඒම එකක් නෑ..

අපි හිතමුකෝ මේ කියන විදියට කවුරු හරි චෝදනාවකට ලක්වෙලා අත් අඩංගුවට ගන්නවා කියලා. ඒ වගේම එයාට විරුද්ධව නඩු පැවරුවත් නඩුව පැරදෙනවයි කියලා රජයේ නීතිපතිවරයාට ඇගෙනවානං අර කියන විදියට අවුරුදු දෙකක් පුනරුත්ථාපනය කරන මුවාවෙං හිරේ තප්පවන්ඩ මේ ගැසට්ටුවෙන් නීතිපතිට බලය ලැබෙනවා.

ඊලග විහිලුව තමා කෝමද මේ යටතේ කෙනෙක්ව පුනරුත්ථාපනය කරන්නේ සහ පුනරුත්ථාපනය වුනයි කියලා මේ දෙන්නා තීරනය කරන්නේ කියන එක.
අපි හිතමු මං දැං කීවයි කියලා, .. ඔය එක එක බෝගස්වලට කිරි කලගෙඩි පිටිං හලන එක ජාතික අපරාධයක් කියලා .
දැං මේකෙන් අපේ පන්සලේ හාමුදුරුවන්ට ආගමික අසංගතතාවයක් හැදිලා පොලිසියට පැමිනිලි කරලා මා හිරේ දාලා පුනරුත්ථාපනය කරනවයි කියලා..

මොනවද මගේ පුනරුත්ථාපනය කරන්ඩ තියෙන්නේ..?
සමාර විට අවුරුද්දක් ගියාට පස්සේ බන්ධනාගාර කොමසාරිස් ඇවිත් මගෙං අහයි “ බෝධියකට කිරි වත් කරන එක ජාතික අපරාධයක් ද ? “ කියලා..

එතෝට මං කියන්ඩ ඕනැ “ නෑ ..නෑ..සර් ඒක මහත්පල මහානිශංස දෙන උදාර පුන්‍ය කර්මයක් “ කියලා..
නැත්තං මං තව අවුරුද්දක් හිරේ..
මේකලා මෙහෙ සීනියි පොල්තෙලුයි කිර කිර ඉන්න හැටි දැක්කමනං අවුරුද්දක් නෙවෙයි මුං පෘථුවියෙං වද වෙලා යනකල්ම බන්ධනාගාරෙට වෙලා පුනරුත්ථාපනය වෙන්ඩ ලැබෙනවනං ඒකත් එකක් තමා ඉතිං…

උපුටාගැනීම : වසන්ත ශ්‍රී වටගොඩ fb

අදාල ගැසට්ටුව :

Exit mobile version