Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ලංකාවේ ධීවරයින් 12කට මියන්මාරයේ සිරදඬුවම්

ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ලංකාවේ ධීවරයින් 12කට මියන්මාරයේ සිරදඬුවම්

ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ලංකාවේ ධීවරයින් 12කට මියන්මාරයේ සිරදඬුවම්

මියන්මාර් මුහුදු සීමාව උල්ලංඝණය කළේ යැයි සඳහන් කරමින් පසුගිය පෙබරවාරි 11වනදා රාත්‍රියේ සහ 12 වනදා අළුයම එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකුට එරට අධිකරණයක් විසින් සිරදඬුවම් ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම ධීවර බෝට්ටු භාරව සිටි කැප්ටන්වරයාට වසර පහ හමාරක් සහ අනෙකුත් ධීවරයින් 11 දෙනාට වසර තුනහමාරක් සිරදඬුවම් ලබාදී ඇත.

මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවේ පසුවන අවස්ථාවේ ඔවුන් නිදහස් කරගැනීම සඳහා නදුන් තාරක නම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා විශාල ප්‍රයත්නයක් දරමින් මැදිහත්වී ඇතත් ශ්‍රී ලංකා ආණ්ඩුවේත් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේත් දුර්වලතාවය නිසා එම ධීවරයින් නිදහස් කරගැනීමේ ප්‍රයත්නය නිෂ්ඵල වී තිබේ.

එරට තානාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය නලින්ද සිල්වා මහතාට ධීවරයින් සම්බන්ධයෙන් කිසිවක් සිදුකිරීමට නොහැකි වීම මත ඔහු “වැඩ බැරි තානාපතිවරයෙකු” යැයි සිය මුහුණුපොතේ සටහනක්ද යොදා තිබිණි. තවද මෙම නඩු විභාගය සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා තානාපතිවරයා විසින් අධිකරණය වෙත යවා තිබෙන්නේ කිසිදු රාජත්‍රාන්ත්‍රික හෝ නීතිය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති එරට ඇඟලුම් කමිහලක සේවය කරන උපාලි සිරිවර්ධන නැමති ශ්‍රී ලාංකිකයෙකි.

එරට අධිකරණය මගින් ඔවුන් පිටුවහල් කිරීමේ අධිකරණ තීන්දුවක් ලබාදීමට සූදානම්වී ඇති අතර එසේ කළහොත් එම පිරිස ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වියදම් කළ යුතු බවද දන්වා ඇත. එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයකත් දක්වා නැති බැවින් මෙම ධීවරයින් 12 දෙනාට සිරදඬුවම් ලබාදීට අධිකරණය තීන්දු කර තිබේ.

“ධීවරයන් තමන් අනවසරයෙන් මියන්මා මුහුදු සීමාවට පැමිණ තිබෙන බව පිළිගන්නවා. ධීවරයන් කර ඇත්තේ වරදක්. ශ්‍රී ලාංකිකයකු වෙනත් රටක නීතිය කැඩූ විට එරට ලංකා තානාපති කාර්යාලයට කළ හැකි දෙයක් නැහැ. අදාළ පුද්ගලයාට නඩු විභාගයට මුහුණ දීමට සිදු වෙනවා.” යැයි මියන්මාර්හි ශ්‍රී ලංකා තානාපති නලින්ද සිල්වා සිය මුහුණුපොතේ කර තිබූ සටහනද මෙම නඩුවේදී ශ්‍රී ලංකික ධීවරයින් 12 සඳහා උපයෝගී කරගත් බවද වාර්තා වේ.

නදුන් තාරක නම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා සහභාගී වූ මෙම ලාංකික ධීවරයින් වෙනුවෙන් වූ වැඩසටහනකි…

Exit mobile version