ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්ව මේ වනවිට වසරකුත් මාස 2ක් ගතව තිබුණද තවමත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය හිස්ව තිබීම විශේෂ සිදුවීමකි.
කෙසේවෙතත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතා ඉකුත් අගෝස්තු මාසයේ පත්කිරීමට පියවර ගත් නමුත් මෙතෙක් ඒ මහතා එම තනතුර බාර ගැනීමට පියවර ගෙන නොතිබීම සම්බන්ධයෙන් තානාපති ක්ෂේත්රයේ විශාල කසුකුසුවක් මතුව තිබේ.
පසුව මිලින්දගේ පත්වීම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳව කමිටුව වෙත යොමුකෙරුණු අතර, ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වැනි දින මෙම පත්වීම අනුමත කිරීමටද පාර්ලිමේන්තු කමිටුව පියවර ගෙන තිබිණ.
සාමාන්‍යයෙන් නිදහසින් පසු පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ මුලින්ම සිදුකරනු ලබන රාජතාන්ත්‍රික පත්කිරීම වන්නේ මෙම ඉන්දියානු මහකොමසාරිස් ධුරය සඳහා නියෝජිතයකු නම් කිරීමය.
ජනාධිපතිවරුන්, අගමැතිවරුන් පවා සිය පළමු සංචාරය ලෙස තෝරාගන්නේ ඉන්දියාවය.
නමුත් එසේ තිබියදී මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස රාජකාරි භාර නොගැනීම බරපතළ තත්ත්වයක් බව තානාපති අංශවල මතය වී තිබේ.