Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ පෙරේදා(01) අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වූහ. රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු ජෝසෆ් හිටපු රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාවට විශිෂ්ට සේවයක් කළ බව මන්නාරම රදගුරු එම්මෑනුවෙල් ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී හිටපු රදගුරුවරයා තම අදහස් ඉතා විවෘතව ප්‍රකාශ කළ අයෙකු වන අතර ඔහු බොහෝ විට දක්නට ලැබුනේ යුද්ධය පැවති කාලයේ රජයේ හමුදාවේ හැසිරීම විවේචනය කරන්නෙකු ලෙසය.එසේම යුද ගැටුම් පැවති සමයේ මන්නාරම මරද මඩු කතෝලික දේවස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ද හිටපු රදගුරුතුමන් දැඩි වෙහෙසක් ගත්හ.

1940 වසරේ අප්‍රියෙල් 16 වැනිදා යාපනය නෙදුන්තීව් හි උපත ලැබූ රායප්පු ජෝෂෆ් රදගුරුතුමන් පූජක දිවිය ඇතුළත් වීමට පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙනි. පසුව රදගුරුතුමන් ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ද ලැබීය.

1967 දෙසැම්බර් මාසයේදී කතෝලික පූජකවරය ලබා ගත් රදගුරතුමන් යාපනයේ ශාන්ත සේවියර්ස් සෙමනේරියේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය. 1992 ජූලි මාසයේදී ඔහු මන්නාරම රදගුරු පදවියට පත් විය.

Exit mobile version