Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මැටි ඇමැතිගෙන් මැටි ක්‍රීම් වර්ග ඇතුළු මැටි ආලේපන

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටිවලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව සොයාගෙන ඇතැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ප්‍රමිතියකින් යුතුව මෙම නිෂ්පාදන සිදුකිරීම හරහා ලෝකය ජය ගැනීමට හැකි බවත් මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට හැකි බවත්ය.

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුළින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Exit mobile version