Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටට එන භාණ්ඩවලින් 76%ක් පරික්ෂා කරන්නේ නැහැ – අමාත්‍ය ලසන්ත අලගියවන්න කියයි

HS කේත ක්‍රමය යටතේ රටට ගෙන්වන භාණ්ඩ 5,000ක් අතරින් රාජ්‍ය ආයතන විසින් පරික්ෂා කරන්නේ භාණ්ඩ 1,200ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ඉතිරි භාණ්ඩ 3,800ම කිසිදු පරීක්ෂාවකින් තොරව වෙළඳපොළට නිකුත් වන බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා රේගුවට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති නිසා පරික්ෂා කරන භාණ්ඩවලද සාම්පල් ලබාගත් පසු ඒවා ආනයන කරුවන් වෙත නිකුත් කෙරේ. ඉන්පසු එම ආනයනකරුවන් විසින් පෞද්ගලික ගුදම්වල එම භාණ්ඩ ගබඩා කරනු ලබයි. සාම්පල ප්‍රතිඵල ලැබුණු පසු ගැටළුවක් නොමැති නම් එම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කළ හැකිය. නමුත් පෞද්ගලික ගුදම්වල ගබඩාකරණ එම භාණ්ඩ සාම්පල ප්‍රතිඵල ලැබීමට පෙර වෙළෙඳ පොළට නිකුත් වේද නැද්ද යන්න පිළිබඳව රජයට ප්‍රකාශ කළ නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී.

Exit mobile version