Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සීට් 10ට වැඩි සියලුම වාහනවලට අලුත් ලයිසන් එකක්! – රිවර්ස් කරයි ද?

ආසන 10ට වඩා මඟීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම වෑන් රථ, බස් රථ ඇතුළු මෝටර් වාහන සඳහා අනිවාර්යෙන්ම මඟී ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගත යුතු බවට තීරණය කර ඇති බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව පොදු මඟී ප්‍රවාහන බස් රථ, කාර්යාල සේවක ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් සේවා බස් රථ හා පාසැල් වෑන් රථ ඇතුළු අනෙකුත් සියලු මඟී ප්‍රවාහන සේවා වෑන් රථ රියැදුරන් අනිවාර්යෙන්ම මේ විශේෂ මඟී ප්‍රවාහන බලපත්‍රය ලබා ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සති 03 ක පුහුණුවකින් පසුව ස්ථාන භාර පුහුණු නිලධාරින් විසින් අදාළ රියැදුරා මඟී ප්‍රවාහනයට සුදුසු බවට නිර්දේශ කිරීමෙන් පසුව ජාතික ගමනාගමන කොමිසම විසින් අදාළ මඟී ප්‍රවාහන රියැදුරු බලපත්‍රය ලබා දෙනු ඇත.

ආණ්ඩුව මෙම ගැසට් නිවේදනය අවලංගු කරයි දෝ(රිවර්ස්) යන මතයක් අන්තර්ජාලයේ පැතිර යයි.

Exit mobile version