Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කූරගලට අවුරුදු තුන්සීයක විතර මුස්ලිම් ඉතිහාසයක් තියෙනවා- චතුර වේල්ලගේ

කුරුගල සම්බන්ධව මේ දිනවල ෆේස්බුක් හි පළවූ පෝස්ට් කිහිපයක් පහත දැක්වේ:

18 වන සියවසේ අගභාගයේදී මෙරටට පැමිනි ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙක් වන Jan Brandes විසින් අඳින ලද චිත්‍රයක්. චිත්‍රයේ නම ‘Islamitisch rotsheiligdom van Kuragala op Ceylon’ හෙවත් ‘Islamic Rock-shrine of Kuragala in Ceylon. සිංහලෙන් කිව්වොත් ‘කූරගල ඉස්ලාම් ගුහා දේවස්තානය’. චිත්‍රය ඇඳල තියෙන්නෙ 1785 දි.

– Pandula Nayana Bandara fb

මේ චිත්‍රය අනුවත් කූරගල අවුරුදු තුන්සීයක විතර මුස්ලිම් ඉතිහාසයක් තියෙනවා.

දැන් එහෙම කිව්වම සමහරු තර්ක කරන්නේ අවුරුදු දෙදාහකට විතර කලින් බෞද්ධ ආරාමයක් තිබ්බා කියන කතාව .හරි බෞද්ධ ආරමයක් තිබ්බා ඒක තමයි පුරා විද්‍යාව .ඊට පස්සෙ බෞද්ධ කට්ට්ය අතෑරියාම මුස්ලිම් අය පදිංචිවෙලා ඒක සජිවී තත්වයේ සංස්කෘතියක් එක්ක පවත්වාගෙන ගියා

දැන් කරන්න ඔන ඒ සජීවි තත්වය තියන් හිටපු මිනිස්සුන්ට ඒකෙ ඉන්ඩ දීමත් අර පුරාවිද්‍ය ස්ථානය සංරක්ෂනය කිරීමත් මිස පෝය දාට මිනිස්සු එක්කන් ගිහින් මායිම පෙන්නඩ වගේ සිල්ගන්න එක නෙවෙයි (සිල්ගන්ඩ ඒ පුදබිම බලන්ඩ යන්ඩ අයිතියක් තියෙනවා ඒක නෙවෙයි මේ කියන්නෙ )

1948 දී යුරොපේන් එක්කහු කරන් ආපු ඊශ්‍රායෙල් යුදෙව් මිනිස්සු කියන්නෙත් අවුරුදු දෙදාහකට කලින් ජෙරුසලමෙ එගොල්ලන්ගෙ ශ්‍රෙස්ට හීබෲ සංස්කෘතියක් තිබ්බා එ නිසා එගොල්ලො අවුරුදු දෙදාහක් විතර යුරොපේ වටවන්දනාවෙ ගිහින් හිට්ලර්ගෙ තර්ජන වලට ලක්වෙලා ආපහු මුල් තැනට ආපුවම අතැරලා දාල ගිය බිමේ පදිංචි වෙලා හිටපු මිනිස්සු අයින් වෙන්ඩ ඔන කියලා.ඕක තමයි අද දක්වා යන ඊශ්‍රායෙල් – පලස්තීන ප්‍රශ්නය

– Chathura Wellage

Exit mobile version