Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැඩි කලකිරීමෙන් පෙලෙන 69 ලක්ශයෙන් එකෙක්

දැඩි කලකිරීමෙන් පෙලෙන 69 ලක්ශයෙන් එකෙක්

දැඩි කලකිරීමෙන් පෙලෙන 69 ලක්ශයෙන් එකෙක්

දැඩි කලකිරීමෙන් පෙලෙන 69 ලක්ශයෙන් එකෙක් .
_____________________________
2021 මාර්තු 28
———–
{උපුටාගැනීම}

*මම මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්

ගොඨාභය ජනාධිපති තුමා ගම සමඟ පිලිසඳරකට අපේ ගමට පැමිණෙනවා කියුවම මාත් හරි සතුටු උනා ඇයි කියනවනම් අපේ ගමේ කිසි එකෙක් විසදපු නැතු ප්‍රශ්ණ ගාණක් කාලක් තිස්සේ තියනවා අපි හිතුවේ ජනාධිපතිතුමාට කියලා එ් ප්‍රශ්ණ ටික විසදගන්න.

එතුමා ග⁣මට ඇවිල්ලා ගමේ මිනිස්සුත් එක්ක කතා කරලා ගමේ මිනිස්සුන්ගේ ප්‍රශණ ටික විසදනවා කියලා ඒත් අැත්තටම මෙතන වෙන්නෙ වෙන දෙයක්ම කලින් Fb එකේ දැකලා තිබුනා ගම සමඟ පිලිසදර කියලා මේ කරන දේ විකාරයක් ගමට වැඩකුත් නෑ රටට වැඩකුත් නැ ඒත් මම කිසි දෙයක් විස්වාස කරේ නෑ මම දැඩි ලෙස ජනාධිපති තුමත් විරසුමන වීරසිංහ මැති තුමාවත් විස්වාස කරා දැන් මාසයක් විතර තිස්සේ එක එක පන්නයේ වාහන වලින් රජයේ නිලදාරින් බුරුතු පිටින් අපේ ගමට අවා ඔවුන්ට ඔපිස් වලට වඩා රජකාරි තිබුනේ අපේ ගමේ 20වෙනිදා විතර වෙන කොට දවසකට එන නිලදාරින් සංඛ්‍යාව 100කට ආසන්න ගානක් උනා හමුදා නිලදාරින් 5000ක් විතර මේ මුලු පලාතෙම පදුරක් පදුරක් ගානේ. ඒ කොක උනත් මම හරි සතුටින් හිටියේ දීර්ඝ කාලයක් අපේ මිනිස්සු මුහුණ දෙන ගැටලු ටින ගොඨාභය මහත්තයාට කියන්න අවස්තාවක් ලැබීම ගැන.

මම ඒ ගැන දෙතුන් වතාවක්ම විරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාටත් කතා කරලා කියුවා එතුමත් කියුවේ හරි කවිදු ඇවිල්ලා ප්‍රශ⁣ණය අහන්න කිසිම ප්‍රශණයක් නෑ කියලා ඒත් මේ 22 වෙනාදා විරසුමන මන්ත්‍රී තුමාට ලගින්ම වැඩ කරපු කිහිප දෙනෙක් ආවා අපේ ගෙදරට (අපි එකට ඡන්දෙට වැඩ කරපු) මාත් එලියට බැස්සා උබලට ඡන්දෙන් පස්සෙත් අපිව මතක් වෙලා කියා ගෙනම උන් කොලයක් දික් කරලා (යටින් දාලා තියන පොටො එක) මෙකත් අරක් 28 වරෙන් කියලා හැබැයි හොදට මතක තියා ගනින් කිසිම ප්‍රශ්ණයක් අහන්න බෑ කියලා මම ඉතිං ෆුල් අන්දොස් මේ මොන ලබ්බක්ද මේ කියන්නේ කියලා.

මම ඉතිං ඇහුවා ඒ මොකද කියලා උන් කියනො එහෙන් අපිට එවපු ප්‍රශ්ණ ටික විතරයි අපි මෙතනදි අහන්නේ කියලා ඒකට දැන්ටමත් සෙටි එකක් ලෙස්ති ⁣වෙලා ඉන්නෙ කියලා…
මුකුත් නොකියා මම ගෙට ගියා මට ඉතිං ෆුල් අප්ශට් වැඩේ Fb එකේ මොන විදියේ පෙස්ට් ගියත් මම බොක්කෙන්ම හිතන් හිටියේ මේක සිරා වැඩක් කියලා
ඇත්තටම බැලින්නම් මෙක නාට්‍යක් ලියුම තියන උන්ට විතරයි අැතුලට යන්න පුලුවන් කලින් කතා කරගත්තු උන්⁣ට විතරයි ප්‍රශ්ණ අහන්න පුලුවන්
සමහරු කියනේ ජනාධිපති තුමා මේවා දන්නේ නැතුව ඇති කියලා ඒත් එතුමත් මේවා නොදන්නවා වෙන්න කිසිම හෙතුවක් නෑ..
නමට විතරයි ගම සමඟ පිලිසදර වෙන්නේ
කලින් පුරුදු වෙලා වෙසක් දවසට පන්සලේ පෙන්නන වෙසක් න්‍යාටි්‍යක් වගේ

උපුටාගැනීම – රන්ගිකා කුමරී fb

Exit mobile version